දේශීය

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල ජනතාවට දැනුම් දීමක්

(UTV |කොළඹ) – බස්නාහිර පළාතටම යළිත් මේ මස 9 සඳුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ හේතුවෙන් පෙර දැනුම් දුන් පරිදි වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර නොමැති බව පොලීසිය දැනුම් දෙයි.

නමුත් ජංගම රථ මගින් භාණ්ඩ බෙදා හැරීමට නියමිතය.

පසුගිය සතියේදී බස්නාහිර පළාතේ සහ කුලියාපිටිය කොට්ඨාශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ප්‍රදේශවල ඔසුසැල් සහ වෙළඳසැල් විවෘත කිරීමට දින සහ වේලාවන් වෙන් කර තිබූණි.

නමුත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 9 වන දා අලුයම පහ දක්වා දීර්ඝ කරන බවයි.

මීට අමතරව ඇහැලියගොඩ, කුලියාපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කුරුණෑගල මහ නගර සභා බලසීමාවට ද අද(02) අලුයම 5 සිට එළඹෙන 9 වනදා අලුයම 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5ට ද මේ මස 9 වන දා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඇඳිරි නීිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතයට ගත හැකි ආයතන සංඛ්‍යාව 89 දක්වා ඉහළ දැමූ බව ද පොලිසිය සඳහන් කරයි.

Related posts

අපනයන ඉපැයීම් ආදායම් මාස 06 ක් තුළ දිවයිනට..

Mohamed Dilsad

පාලකයින් හිතුමතේ ජනතාව හාමනේ

Mohamed Dilsad

‘ටියුෂන් එකමුතුව’ ‘ටියුෂන් එකමුතුව’

Mohamed Dilsad

Leave a Comment