දේශීය

හෙට සිට දුම්රිය ධාවනයත් සීමා වෙයි

(UTV |කොළඹ) – බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය සීමා කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට (30) සහ නොවැම්බර් 2 වන දින උදෑසන 5 දක්වා සමස්ථ බස්නාහිර පළාතට ම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි

ඒ අනුව,

2020.10.30 – 2020.11.01
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ද බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද , හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වු කිසිදු දුම්රියක් ඉහත දෙදින තුළ ධාවනය නොවේ.

2020.10.31
අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රිය, එම නියමිත වේලාවට ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, මාදිවෙල නිවාස පරිශ්‍රයේ වාහන දෙක තුන තියාගෙන ඉන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන්

Editor O

ජනාධිපතිවරණ දිනය තීරණය කර අවසන්

Editor O

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

Editor O

Leave a Comment