දේශීය

ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ මයික් පොම්පෙයෝයි.

Related posts

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන්, ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44%ක තීරු බද්දක්

Editor O

උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී

Mohamed Dilsad

Leave a Comment