දේශීය

කෑගල්ලේ වෛද්‍යවරියන් තිදෙනෙකු ඇතුළු 23 කට කොරෝනා

(UTV |කෑගල්ල) – මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම ආසාදිතයින් අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක් ද සිටින බව අනාවරණය වී තිබේ.

“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට අපිට  තහවුරු වුණා. එයින් එක් වෛද්‍යවරියක්ගේ ස්වාමිපුරුෂයාට රෝගය වැළඳී ඇති බවටද  අනාවරණය වුනා. ඊට අමතරව, ඇයගේ පුතාට රෝගය වැළඳී තිබුණා. එම වෛද්‍යවරියගේ බාල දියණිය සහ ගෘහ සේවිකාවට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට අපි ඔවුන්ව කොළඹ IDH රෝහල වෙත පිටත් කර යවා තිබෙනවා.”යයි වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Related posts

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය 20 වෙනිදා

Editor O

කොටුගොඩ ධම්මාවාස නා හිමිගේ ආදාහන පූජෝත්සවය අද – විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment