ගොසිප්

කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක දෙදෙනකුටත් කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ ) – කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තාවී තිබේ.

නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි මහලේ නිවසක කාන්තාව සහ එම පවුලේ රියැදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්‍ෂණ වලදී තහවුරු වී ඇත.

මෙම ආසාදිතයන් දෙදෙනා මේ වන විට හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

නිවෙස් හිමි ව්‍යාපාරිකයා හා පුතුද ​රෝග ලක්ෂණ පහළ කිරීම හේතුවෙන් ඊයේ (12 ) PCR පරීක්ෂණයට ලක්කෙරුණි එහි වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතය.

අදාළ ආසාදිත රියැදුරා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් නිවසේ හිමිකරු කර්මාන්ත ශාලා හිමියකු බවත් කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.

Related posts

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්

Mohamed Dilsad

රෝසි සේනානායක යළිත් එජාපයට

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

Mohamed Dilsad

Leave a Comment