විදෙස්

යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත්

(UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වන බවට අනතුරු අඟවයි.

මේ නිසා නිරෝධායන සීමාවන් අවම කිරීම යෝග්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය අධ්‍යක්‍ෂ හෑන්ස් ක්ලූග් පෙන්වා දෙයි.

මේ අතර ඊය දිනයේ ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 96,424ක් වාර්තාවී තිබේ.

ඒ සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 52ලක්ෂය ඉක්මවා ඇත.

එමෙන්ම ඊයේ දිනයේ වාර්තාවූ මරණ 1,174ක් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවද 84,372 දක්වා ඉහළ ගියේය.

Related posts

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

සිංගප්පූරුවේ බැංකුවලින් සල්ලි ඉස්සූ කල්ලිය කොටුවෙයි

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment