දේශීය

රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) –  රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වෙයි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි.

ඒ අනුව, www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළකර ඇති දැන්වීම අනුව සිය අභියාචනය සකස් කර එය තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

අද දිනයේදී ද ඕනෑම පුද්ගලයෙකුට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිිිියි.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සිසු සහ කාර්යය මණ්ඩලයට ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ නිවාඩුවක්

Editor O

වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ජනතාවට පීඩා

Mohamed Dilsad

Leave a Comment