දේශීයප්‍රමුඛ පුවත 3

අදත් ඇමතිවරු රැසක් වැඩ අරඹයි

(UTV |කොළඹ) – නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් වැඩභාරගැනීමට නියමිතය.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාතවරයා ලෙස අද (17) පෙරවරුවේ වැඩ ආරම්භ කරන අතර චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන්ද අද අමාත්‍යාංශවල වැඩ භාර ගනු ඇත.

දයාසිරි ජයසේකර, සිරිපාල ගම්ලත් සහ පියංකර ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන් අද වැඩ භාර ගැනීමට නියමිතය.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී.විජේවීර මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුද අද දිනයේ වැඩභාරගැනීමට නියමිතයි.

Related posts

කොරෝනා හේතුවෙන් රටපුරා බේකරි වැසී යයි

Mohamed Dilsad

වායු ගුණාත්මකභාවය හොඳම සහ නරකම රටවල් ලැයිස්තුව එළියට

Mohamed Dilsad

ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට

Editor O

Leave a Comment