දේශීය

තවත් ආසාදිතයන් 12 ක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12 දෙනෙකු සුවය ලබා අද (14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2658 කි.

සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 3දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 4දෙනෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් දෙදෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එක් අයෙක්ද වෙති.

Related posts

බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

Mohamed Dilsad

ඉතිහාසයේ පළමු වරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක්

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන ලක්‍ෂ 366 ක්

Mohamed Dilsad

Leave a Comment