දේශීය

තවත් ආසාදිතයන් 12 ක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 12 දෙනෙකු සුවය ලබා අද (14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2658 කි.

සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් එක් අයෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 3දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් 4දෙනෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් දෙදෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් එක් අයෙක්ද වෙති.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

Mohamed Dilsad

එක්දින සේවය යටතේ පැය 4 කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment