දේශීය

කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ ) – කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

හෙට දින (12) මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

Related posts

පාසල්වල 6-9 දක්වා ශ්‍රේණි හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

ඩොලරයක විකුණුම් මිල තවත් නගී

Mohamed Dilsad

මරදාන ප්‍රදේශයේ 300 කට වැඩි පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත

Mohamed Dilsad

Leave a Comment