දේශීය

කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ ) – කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

හෙට දින (12) මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

Related posts

ඉන්දීය එන්නත් ජනපති ගෝඨාභය වෙත නිල වශයෙන් පිළිගන්වයි [PHOTOS]

Mohamed Dilsad

බලපත්‍ර සහිත ගිනි අවි සහ උණ්ඩ, වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

කෝටි 16 ක හෙරොයින් සමග සැකකරුවන් 07 ක් මාරවිලදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment