දේශීය

ඇවන්ට්ගාඩ් නඩුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝග

(UTV | කොළඹ ) – අභියාචනාධිකරණය විසින් විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ට්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන අල්ලස් නඩු විභාගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය පණවා තිබේ.

මෙම නඩුව ගොණු කර ඇත්තේ ගාල්ල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීම සඳහා ඇවන්ගාඩ් මරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ගැනීම හා පිරිනැමීම ඇතුලු අධි චෝදනා මතයි.

ඊට එරෙහිව නිශ්ශංක සේනාධිපති මහතා ගොණු කර ඇති අභියාචනය අද සළකා බැලුණේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ඉදිරියේයි.

මෙම අභියාචනය විභාග කර අවසන් වන තෙක් අදාළ නඩු විභාගය අත්හිටුවමිනුයි අභියාචනාධිකරණය විසින් මෙම අතුරු තහණම් නියෝගය පනවා ඇත.

වගඋත්තරකාර පාර්ශවයට ලබන නොවැම්බර් 02 වනදා අධිකරනකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මෙහිදී නොතීසිද නිකුත් කෙරිණි.

Related posts

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කටුනායකට පැමිණි ගුවන් යානයක බෝම්බ බියක් : සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.

Editor O

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment