දේශීය

ප්‍රදේශ කිහිපයකට තද සුළං

(UTV |කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල මෙම බලපෑම ඇතිවේ.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව පළාතේ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ක් තරමක් තද වැසි ඇති වේ.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාවට මේ පිළිබඳව අවධානයෙන් පසුවෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

ප්‍රමාණවත් පරිදි තෙල් ලැබුණහොත් විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment