දේශීය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වේ

(UTV | කොළඹ ) – ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් – 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි තහවුරු කර ඇත.

එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකි.

තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

ජනාධිපති සතු විධායක බලය තිබිය යුතුයි – ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා

Editor O

ගුවන් ගමන් බලපත්‍ර ගන්න පිරිස වැඩි වෙයි

Mohamed Dilsad

රජයේ සංස්ථා සභාපතිවරුන්ට දීමනා සීමා කරේ

Mohamed Dilsad

Leave a Comment