දේශීයප්‍රමුඛ පුවත 1

රජයේ සංස්ථා සභාපතිවරුන්ට දීමනා සීමා කරේ

(UTV | කොළඹ) – ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර විසින් රජයේ සංස්ථා හා මණ්ඩල වල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රජයේ සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන්ට ඉකුත් 13 වෙනිදා නිකුත් කළ මෙම චක්‍රලේඛය අනුව එක් වාහනයක් පමණක් භාවිත කිරිමට අවසර හිමිව ඇති අතර ඒ සදහා මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 150ක් දක්වා සීමා කර ඇත.

එමෙන්ම ජනාධිපති ලේකම්වරයා විසින් රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා පත්විම් ලබා සිටින අධ්‍යක්ෂකවරුන් සඳහා ගෙවනු ලබන මාසික දිමනාව රුපියල් 25,000ක් දක්වා වු උපරිමයකට සීමා කර ඇති අතර ඔවුන්ට එම දීමනාව ලබා දිමේදී මාසිකව පවත්වනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල රැස්විම් සංඛ්‍යාව නොසලකා හරින ලෙස උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් හට නිල වාහනයක් ලබා නොදෙන ලෙසද ඔහු විසින් උපදෙස් ලබාදී තිබේ.

අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්විම් සඳහා සහභාගි වීමට පමණක් ඔවුන්ට අදාල රජයේ සංස්ථා හෝ මණ්ඩලයට අයත් වාහනයක් භාවිත කළ හැකි පරිදි සීමා පනවා ඇත.

Related posts

එජාපයේ සහාය ස.ජ.බ. ට දෙන්න අකමැත්තක් නැහැ : සජිත් අගමැති ධූරයට යෝජනා කිරීමටත්, සූදානම් – නවීන් දිසානායක

Editor O

ජනපති සහ ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment