ප්‍රමුඛ පුවත 1

උණ රෝගින් ප්‍රති ආසාත්මික ඖෂධ භාවිතයෙන් වළකින්න

(UTV| කොළඹ) – උණ රෝගයෙන් පෙලෙන පුද්ගලයින්ට සහ ඩෙංගු රෝගීන්ට ඇස්ප්‍රින් ඇතුලු ප්‍රති ආසාත්මික වේදනානාශක ඖෂධ භාවිතයෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ.

රෝගීන්ට එවැනි ඖෂධ ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රති ආසාත්මික වේදනානාශක ඖෂධ වර්ග කිහිපයක් භාවිතා කිරීමෙන් උන රෝගීන්ගේ රෝගි තත්වය උත්සන්න වීම පිළිබද වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ උණ තත්වය තිබියදි එම ඖෂධ භාවිතයෙන් රෝගියා ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වී මාරාන්තික වීමට ඉඩකඩ පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දීමට නියෝග කරයි

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයේ තවත් තොරතුරු රැසක්

Mohamed Dilsad

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment