ප්‍රමුඛ පුවත 1

රුසියානු තානාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අලෙක්සැන්ඩර් කර්චාවා මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අතර සුහද හමුවක් අද (02) පෙරවරුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී ජුනි මස පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට සහභාගීවන ලෙස නිල ආරාධනාව බාර දීම ද මෙහිදී සිදුවිණි.
එම ආරාධනාව පිළිගනිමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැත්වෙන සමුළුවට සහභාගීවීමට සූදානමින් සිටින බවත්, එමගින් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ද අදහස් කරන බවයි.

මෙකී සමුළුවට සහභාගීවීමට ලැබීම ශ්‍රී ලංකාවට ලද ගෞරවයක් බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජේරත්න ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Related posts

ලංගම සේවකයින් අදත් සාකච්ඡාවක

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Mohamed Dilsad

හිටපු ජනපති ඥානසාර හිමියන්ගේ නඩුවේ වග උත්තරකරුවෙකු වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment