දේශීයප්‍රමුඛ පුවත 3

කන්දකාඩු PCR පරීක්ෂණ 5000 ක් සිදුකර අවසන්

(UTV | කොවිඩ් 19) –  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොරෝනා ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් හඳුනාගත් පොකුරේ PCR පරීක්ෂණ 5000 ක් සිදුකර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මීට අමතරව , ඔහු කියා සිටියේ තාවකාලිකව සංචරණ සීමා පැනවූ අනුරාධපුර – රාජාංගණය ප්‍රදේශයේ 12,000 ක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි.

දෙවන වරටත් එම ප්‍රදේශයේ PCR පරීක්ෂණ සිදුකිරීම හෙට (18) ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් දින 10 කට පසුව නැවත වරක් PCR පරීක්ෂණයට යොමුකිරීමට තීරණය කර ඇත.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ එක් ස්ථානයකින් 40 ක් පමණ නියැදි ලබාගෙන මෙම PCR පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් 10000 ඉක්මවයි

Mohamed Dilsad

කොවිඩ් වලින් මියයන අය භූමදානය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment