ප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරීන් සහ විපක්ෂ නායක අතර සාකච්ඡා

(උදයම්,මඩකලපුව) –  මඩකලපු ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත රැකියා විරහිත උපාධිධාරීන් සහ විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
 අද(2)  පෙරවරුවේ ඔවුන් විපක්ෂ නායකවරයා මුණගැසුණු බව අප වාර්තාකරු පවසයි.
මෙහිදී රැකියා විරහිත උපාධිධාරීන් විසින් තම ගැටළු විපක්ෂ නායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.
2012 වර්ෂයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ තමන්ට මේ වන තෙක් කිසිඳු රැකියාවක් ලැබී නොමැති බව ඔවුන් පෙන්වා දී තිබේ.
මෙම ගැටළුව සඳහා සති දෙකක් තුළ විසඳුම් ලබා දීමට කටයුතු කරන බව එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත.
රැකියා විරහිත උපාධිධාරීහු 1600ක් පමණ පිරිසක් මාස 2 හමාරක පමණ කාලයක සිට මෙම විරෝධතාවයේ නිරතව සිටිති.

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශය ඇතිවූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කොළඹට රැගෙන් ඒමට සුදානම්

Mohamed Dilsad

අප්‍රේල් මස ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment