දේශීය

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේය.

ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද ඔහු පැවසුවේ ය.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බව කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇතැයි තුෂාර උපුල්දෙණිය පැවසීය.

Related posts

විදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.

Editor O

කොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන 188 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් ට විදෙස්ගතවීමට අවසර

Mohamed Dilsad

Leave a Comment