දේශීය

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේය.

ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව ද ඔහු පැවසුවේ ය.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බව කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීම ද අත්හිටුවා ඇතැයි තුෂාර උපුල්දෙණිය පැවසීය.

Related posts

කෝපා කමිටුවේ සභාපති අස්වෙයි

Editor O

රට පුරා වෛද්‍යවරු තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

IMF කණ්ඩායම පැමි‍ණෙන විට බදු ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment