දේශීයප්‍රමුඛ පුවත 3

නිවාඩු ලබාදෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යක්

(UTV | කොළඹ) – ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා සඳහන් කළේය.

මෙවැනි කට කතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවද සඳහන් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිල පුවත් මූලාශ්‍ර මඟින් තහවුරු කළ පුවත් මත පමණක් විශ්වාසය තබන ලෙසත් වගකිව යුතු ජනමාධ්‍ය මඟින් පමණක් ලබාදෙන තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

Related posts

මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයි

Mohamed Dilsad

හෙට මැදියම් රැයේ සිට බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය[RELEASE]

Mohamed Dilsad

‘අවිස්සාවේල්ලේ ගවුස්’ ගේ ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment