දේශීය

වරාය වර්ජනය අවසන් – දොඹකර 03 වහා සවි කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – කොළඹ වරායේ ගැන්ට්‍රි දොඹකර 03 වහා සවි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් දීමත් සමග වර්ජනය අත්හිටුවීමට වරාය වෘත්තීය සමිති තීරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් සිය වර්ජනය අත්හිටවූ බව කොළඹ වරායේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ප්‍රකාශ කළේය.

ඒ අනුව , චීනයෙන් ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර ගොඩබා නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට අවසර ලබාදෙන අතර, ඒ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී පොරොන්දු වී ඇත.

Related posts

මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය නත්තලේ පණිවුඩයයි

Mohamed Dilsad

දිවයිනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ හයිය

Mohamed Dilsad

Leave a Comment