දේශීය

උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරුන්ට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ග ගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්, සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ග ගත (Online)ක්‍රමයට සම්පූර්ණ කළ යුතුය.

අනතුරුව ආයතන ප්‍රධානියා මඟින් එම අයදුම්පත්‍රය බාගත කර ලබා ගත් මුද්‍රිත පිටපතේ ඉතිරි කොටස් සම්පූර්ණ කර 2020.07.10 දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැළැස්විය යුතුය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112785231 අංකය හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකිවේ.

Related posts

මනාප අංක ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

රෝගීන් 712 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment