දේශීයව්‍යාපාරික

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා අඩු කරන බව මහ බැංකුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවයක් සැපයෙන අතර, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2 % ක දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය කළේය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (16) පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

මේ අතර, අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශ විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාවය සහ අරමුදල් පිරිවැය පහළ යාමේ ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොරව ලබාදීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150 කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550 කින් අඩු කිරීම ඇතුළු ව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300 කින් පහළ දමා ඇත.

මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළදපොළ වර්ධනයන් අඛණ්ඩව සුපරික්ෂණය කරන අතර ඉදිරි කාලයේදී ආර්ථික ක්‍රියාකාරීත්වයෙහි තිරසාර නගා සිටුවීමකට සහය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන බව මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ආර්ථිකය යළි නගා සිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවන බව ඊයේ රාත්‍රියේ නිවේදනය කළේය.

 

Related posts

වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව  පිරිසක් විරෝධතාවයේ

Mohamed Dilsad

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

Mohamed Dilsad

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

Leave a Comment