විදෙස්

හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට කොරෝනා වැළඳෙයි

(UTV |පාකිස්තානය) – පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති හෙළිවෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ හිටපු අගමැතිවරයා කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇත්තේ පාකිස්තාන ජාතික වගවීම් කාර්යාංශයේ පැවති දූෂණ විභාගයකට සහභාගිවීමෙන් අනතුරුව බවයි.

67 හැවිරිදි හිටපු අගමැති යුසුෆ් රාසා ගිලානිගේ පුත් කාසිම් ගිලානි මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අගමැති ඉම්රාන් ඛාන්ගේ දූෂණ කාර්යාංශය තමන්ගේ පියා අනතුරේ හෙළා ඇති බවයි.

මේ වන විට පකිස්ථානයේ  මුළු ආසාදිතයින් ගණන එක්ලක්ෂ 39,230ක් වී ඇති අතර මරණ 2632ක් ද වාර්තා වී ඇත.

Related posts

සාගර ජීවීන්ටත් පී.සී.ආර් පරීක්ෂණ

Mohamed Dilsad

ඉන්දියාවේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ

Mohamed Dilsad

Leave a Comment