දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක්

(UTV | කොළඹ ) – අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මීගමුව, කල්පිටිය, කොටපොල, ලුණුගම්වෙහෙර, රත්තොට සහ දිඹුලාගල යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

අදාල දිස්ත්‍රික්ක භාරව කටයුතු කරන නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලවල නිලධාරීන් සහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන් පැවැත් වේ.

කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම පෙරහුරු මැතිවරණ පැවැත්වීමෙන් අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

ඒ ආකාරයෙන් සංවිධානය කළ පළමු පෙරහුරු මැතිවරණය පසුගිය 07 වනදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණි.

Related posts

යාපනයේ නිදහස් කල ඉඩම් යළි හිමිකරුවන්ට

Mohamed Dilsad

අද වැසි වාර කිහිපයක්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

Editor O

Leave a Comment