දේශීය

මත්ද්‍රව්‍ය චෝදනා මත බස්නාහිරින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළග තබාගැනීම ඇතුලු චෝදනා මත තවත් සැකකරුවන් 429 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) පෙරවරු 6.00 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන් වේ.

මෙහිදි හෙරොයින් ළග තබාගත් පුද්ගලයින් 200 දෙනෙකු ගංජා ළග තබාගත් පුද්ගලයින් 89 දෙනෙකු , නීති විරෝධි මත්පැන් සහ ගෝඩා ළග තබාගත් පුද්ගලයින් 113 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව අයිස්, මාවා, බාබුල්, ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් 27 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

කුලියාපිටියේ ගම්මාන 4ක් හුදකලා කරයි

Mohamed Dilsad

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

සීමා නිර්ණය නැවත වෙනස්විය යුතුයි – වජිර අබේවර්ධන

Mohamed Dilsad

Leave a Comment