දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (09) පස්වරුවේ තැපැල් සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීම ඇතුලූ ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුළු දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන් මෙන්ම තැපැල් වෘත්තීය සමිති ද එක්වනු ඇත.

මේ වනවිට අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීමට එරෙහිව තැපැල් සේවකයින් අතිකාල වර්ජනයකද නිරත වේ.

Related posts

ජුනි 01 වැනිදා සිට වර්ණ සංකේත ක්‍රමයක්…

Mohamed Dilsad

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද ඇරඹෙයි.

Editor O

වෛද්‍ය උපකරණ තොගයක් චීන රජයෙන් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment