දේශීය

රත්‍රං සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

(UTV | කොළඹ)  – රුපියල් ලක්‍ෂ 11කට අධික වටිනාකමකින් යුතු රත්‍රං ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය මන්නාරම නගරයේ වැටලීමක් සිදු කරන ලදී.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම පොලිස් අපරාධ අංශයේ සයෝගය ඇතිව ඊයේ (07) මන්නාරම නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

එහිදී මන්නාරම ප්‍රධාන බස්නැවතුමෙහි සිටි සැක සහිත පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී රත්‍රං ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණි.

එම රත්‍රන් ප්‍රමාණය බලපත්‍ර රහිතව ප්‍රවාහනය කිරීම හේතුවෙන් අදාල පුද්ගලයා සහ රත්‍රන් ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

සැකකරු වයස අවුරුදු 37ක් වන මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සැකකරු සහ රත්‍රං ප්‍ණයරමා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

Leave a Comment