දේශීය

තැපැල් සේවකයින් අතිකාල වර්ජනයක

(UTV | කොළඹ ) – ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීමට එරෙහිව තැපැල් සේවකයින් අතිකාල වර්ජනයක් ආරම්භ කර තිබේ.

තවද හෙට (09) පස්වරුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුලු ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන් මෙන්ම තැපැල් වෘත්තීය සමිති ද එක්වීමට නියමිතයි.

Related posts

රනිල්ගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

අපේ දරුවන්ට උපාධිය 21දී

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ට ගෑස් සිලින්ඩරයේ තනතුරක්

Editor O

Leave a Comment