දේශීය

උසස් පෙළ හා ශිෂ්‍යත්වය විභාග ගැන විශේෂ සාකච්ඡාවක් අනිද්දා

(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු උසස් පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව පවසයි.

විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමට ලබන අගහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

හෙට (07) මහ මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර එම දිනයද සලකා බලා විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් පාසල් ආරම්භ කිරීම හෝ විභාග පැවැත්වීම පිළිබද මෙතෙක් කිසිදු අවසන් තීරණයක් නොමැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටියේය.

පාසල් විවෘත කිරිමට හෝ විභාග කටයුතු පැවැත්වීමට සෞඛ්‍ය අංශ විසින් තවමත් උපදෙස් ලබා දී නොමැති අතර අනුගමනය කළ යුතු ක්‍රමවේ ද ඇතුළත් චක්‍රල්ඛයක් පමණක් නිකුත් කර තිබුණේය.

Related posts

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් වෙතට

Mohamed Dilsad

අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ

Mohamed Dilsad

අළුත්කඩේ අධිකරණයේ ගින්නට හේතුව හෙළි කෙරේ

Mohamed Dilsad

Leave a Comment