Trending News

මැයි දින සැමරුම් පැවැත්වෙන්නේ මෙහෙමයි

(උදයම්,කොළඹ) – වැඩ කරන ජනතාවගේ දිනය සැමරීම සදහා මෙවරත් රට පුරා මැයි රැළි සහ පෙළපාලි රැසක් සංවිධානය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය මෙවර පවත්වන්නේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/UNP-MAY-DAY-UDM-SIN.jpg”]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ මැයි දින රැළිය බොරැල්ල, කැම්බල් පිටියේ දී පැවැත්වේ.

විපක්ෂ නායක රාජවරෝධයම් සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් මෙවර මැයි දින රැළිය පවත්වනු ලබන අම්පාරේ ජනමාධ්‍යවේදීන්ද මැයි රැළියක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබේ.

හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ගෝල්ෆේස් පිට්ටනියේදීය.

අතුරුදහන්වුවන්ගේ ඥාතීන් විසින් මුලතිව්හි මුල්වරට මැයි දිනයක් පවත්වනු ලැබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/04/JVP-MAY-DAY-UDM-SIN.jpg”]

අනුර කුමාර දිසානායක නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ තේමා දෙකකින් මැයි රැළි දෙකක් සංවිධානය කර තිබේ.

“ජාතික සමගිය වෙනුවෙන් සමාජවාදය” තේමාවෙන් යුක්තව අප්‍රේල් 30 යාපනයේ මුටුවේලී පිටියේදී එක් මැයි රැළියක් පැවැත්වෙන අතර අනෙක “ආර්ථික සංවර්ධනය සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජන බලය ගොඩ නැගීම” තේමාවෙන් කොළඔ බී.ආර්.සී පිටියේදී පැවැත්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින රැළිය මෙවර පැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට බ්ම් කොටසේදීය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් නව සම සමාජ පක්ෂය සුපුරුදු පරිදි මෙවරත් සිය මැයි දින රැළිය සංවිධානය කර ඇත්තේ ගුණසිංහපුර ක්‍රීඩාංගනයේය.

 

නව සම සමාජ පක්ෂය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, නිදහසේ වේදිකාව, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කෙන්ද්‍රය, එක්සත් වාමාංශික පෙරමුණ හා ලංකා  සම සමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම ඒකාබද්ධව සංවිධානය කළ එක්සත් මැයි රැළිය මෙවර පැවත්වෙනුයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පිඨයේදීය.‍

සිරිතුංග ජයසුරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදී පක්ෂය විසින් සුපුරුදු පරිදි මෙවරත් කොස්ගස් හන්දියේදී සිය මැයි දින රැළිය පවත්වනු ලබයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින්ද මෙවර විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී සිය මැයි දින රැලිය පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන අතර ජාතික හෙළ උරුමය විසින් ද බෝධිරාජමාවතේ පදික වෙළද මධ්‍යස්ථානයේදී සිය මැයි දින රැලිය පවත්වනු ලබයි.

ස්වාධීන වෘත්තිය සමිති විසින් ඒකාබද්ධ මැයි රැළියක් කොම්පඤ්ඥවීදිය ස්ටැන්ලි ජෑන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළද කාර්මික සහ පොදු කම්කරු සංගමය, නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය හා එක්සත් කම්කරු සම්මේලනය ඒ සදහා ඒකරාශී වී සිටිති.

 

විජේ ඩයස්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී සමානතා පක්ෂය කොළඹ නව නගර ශාලාවේදීත් ග්‍රාම නිලධාරී සංගමය පුස්තකාල ශ්‍රවනාගාරයේදීත් සිය මැයි දින රැලි පැවැත්වීමට නියමිත අතර ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සිය මැයි දින රැලිය සංවිධානය කර ඇත්තේ කොල්ලුපිටිය පොල් වත්ත ශුද්ධ මිකායෙල් සහ සුරදුතයන්ගේ දෙව්මැදුරේදීය.

හේමා ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය විසින් කෙසෙල්වත්ත ප්‍රේමදාස පිලිරුව අසලදී මැයි දිනයේදී ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට පුෂ්පොපහාර දැක්වීමට නියමිතව ඇත.

පොදු ජන සිත් මෙත් පෙරමුණ නැමැති සංවිධානයක් විසින්ද පිටකොටුව ගෑස් පහ හන්දියේ පැරණි නගර ශාලාවේදී මැයි දින රැස්වීමක් සංවිධානය කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ද එම පක්ෂයේ නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ගේ ප්‍රධානත්වයෙන් චාවාකච්චේරියේ මැයි දිනයක් පැවැත්වීමට නියමිතව ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය මෙවර මැයි දිනය පවත්වන්නේ තලවාකැලේ දී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගේ නායකත්වයෙන් යුත් EPRLF සංවිධානය වව්නියාවේ මැයි දිනයක් සංවිධානය කර ඇත.

“උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැළිය”  තේමාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය විසින්  සංවිධානය කරන මැයි රැළියක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් යාපනය පේදූරුතුඩුව පාරේ සංගිලියන් පුංගා උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.‍

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න  සහ එම ව්‍යාපාරයේ දමිළ නායක පී. විජයකාන්ත් එම  රැළිය ඇමතීමට නියමිතය.

 

Related posts

“I act in accordance with the Constitution,” President tells Commonwealth Secretary General

Mohamed Dilsad

Mohsin Khan quits as PCB Cricket Committee Chief

Mohamed Dilsad

கடற்படை விமானம் விபத்துக்குள்ளானதில் 16 பேர் பலி – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment