විදෙස්

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(උදයම්,ඇමෙරිකාව )  – ඇමරිකාව සමඟින් සීතල යුද්ධයක් ආරම්භ කර සිටින උතුරු කොරියාව ඊයේ (28) තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මේ පිළිබඳව දකුණු කොරියානු බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් මෙම මිසයිලය කෙතරම් දුරකට විහිද ගියේදැයි තහවුරු නී නැති අතර අත්හදා බැලූ මිසයිලය උතුරු කොරියානු පාලන ප‍්‍රදේශයෙන් ඉවතට නොගිය බවට අමෙරිකානු හමුදා අංශ ප්‍රකාශ කර ඇත.

මිසයිලය අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් කිසිවක් නිලවශයෙන් ප්‍රකාශ කර නොමැත. මෙම අත්හදා බැලීම තුළින් කොරියානු කලාපයේ උණසුම් තත්වයක් ඇතිව තිබෙන අතර න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව බලපෑම් කිරීමට සහය වන්නැයි අමෙරිකාව සෙසු රටවලින් ඉල්ලීමක්ද කර තිබේ.

Related posts

පිලිපීනයේ බන්ධනාගරයකින් රැදවියන් 150 ක් පලායති.

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්

Mohamed Dilsad

බ්‍රෙක්සිට් ගිවිසුමේ අවසන් යෝජනාවලිය අදයි

Mohamed Dilsad

Leave a Comment