දේශීය

දන්සැල් සංවිධානය හෝ වියළි ආහාර බෙදා දීමට කිසිදු අනුමැතියක් නැහැ

(UTV | කොළඹ) – පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොන්දේසි සහිතව දන්සැල් සංවිධානය කිරීමට හෝ වියළි ආහාර බෙදා දෙන දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දී නොමැති බව එම සංගමය දැනුම් දී සිටියි.

විවිධ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී දන්සැල් සංවිධානය කිරීම සඳහා අනුමැතිය ගැනීමට ඉල්ලීම් කිරීම් පිළිබඳ වාර්තා වන බවත් , එබදු ඉල්ලීම් නොකරන ලෙසටත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

 

Related posts

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

Mohamed Dilsad

බාල ඖෂධ ආනයනය කර ඇතැයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට

Mohamed Dilsad

Leave a Comment