විදෙස්

රට යළි විවෘත කිරීම ගැන පාකිස්තාන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

(UTV| කොවිඩ් 19 ) – පාකිස්තානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබියදී රට යළි විවෘත කිරීමට ගනු ලැබූ තීරණය එරට ආර්ථිකය අක්‍රිය වීම වැළැක්වීමට එවැනි පියවරක් ගත් බවයි අගමැති ඉම්රාන් ඛාන් පෙන්වා දෙන්නේ.

වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පැනවුණු සීමාවන් බොහොමයක් පාකිස්තානය මේ වන විට ඉවත් කර ඇති අතර, සංචාරක කර්මාන්තය සඳහා ද රට විවෘත කිරීමට සැලසුම් කර ඇත.

මිලියන 220ක ජනගහනයක් සහිත පාකිස්තානයේ කොරෝනා ආසාදිතයන් 72,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව 1543ක්.

එමෙන්ම ,ඉන්දියාවේ ද කොරෝනා රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 95 දහස ඉක්මවා ගොස් ඇත.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සිටින රටවල් අතර මේ වන විට ඉන්දියාවට හිමි වන්නේ 7 වන ස්ථානයයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මගීන් 293ක් සමඟ ගුවන් යානයක් අනතුරක

Mohamed Dilsad

චීන පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

Leave a Comment