දේශීය

ජනපති අතින් සෝමාවතියේ “හෙලිකොප්ටර් යානාංගනය” විවෘත වෙයි

(UTV| පොළොන්නරුව) – ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති අතර , සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

සෝමාවති පුදබිම අධික වැසි සහිත බොහෝ අවස්ථාවල ගංවතුර තත්ත්වයන්ට ලක්වන පුදබිමකි.

එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ඉදිකෙරුණු “හෙලිකොප්ටර් යානාංගනය” ද  ජනාධිපතිවරයා අතින් විවෘත කරනු ලැබූ අතර , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊට එක් විය.

Related posts

මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක්

Mohamed Dilsad

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

කොරෝනා පැතිරීමේ අවධානම ගැන වෛද්‍යවරු කියන දේ

Mohamed Dilsad

Leave a Comment