දේශීය

ජනපති අතින් සෝමාවතියේ “හෙලිකොප්ටර් යානාංගනය” විවෘත වෙයි

(UTV| පොළොන්නරුව) – ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති අතර , සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

සෝමාවති පුදබිම අධික වැසි සහිත බොහෝ අවස්ථාවල ගංවතුර තත්ත්වයන්ට ලක්වන පුදබිමකි.

එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ඉදිකෙරුණු “හෙලිකොප්ටර් යානාංගනය” ද  ජනාධිපතිවරයා අතින් විවෘත කරනු ලැබූ අතර , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊට එක් විය.

Related posts

බ්‍රිතාන්‍යයෙන් සම්බාධක පැනවූ යුද විරුවන් ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

කරාපිටිය ශික්ෂණ රෝහලට Ultrasound Scanner යන්ත්‍රයක්[PHOTOS]

Mohamed Dilsad

දේශබන්දුගේ පෙත්සම නිශ්ප්‍රභා කරයි.

Editor O

Leave a Comment