දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවත් ඉහළට

(UTV | කොළඹ) – පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 66,835 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලය තුළ වාහන සංඛ්‍යාව 18,831ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාලය තුළ වාහන 53ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මිට අමතරව, දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 132 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය 26 වන දා සිට නිරෝධායන පනත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 912ක් බවයි.

Related posts

රවී ඇතුළු වරෙන්තු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹයි

Mohamed Dilsad

පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි [RELEASE]

Mohamed Dilsad

ජනපති හදිසියේ තවත් රාජ්‍ය ආයතනයකට යයි

Mohamed Dilsad

Leave a Comment