දේශීය

කොළඹට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට හෙට අලුයම 3 දක්වා කොළඹ 02, 03, 07, 08, 09, සහ 10 යන ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

මීට අමතරව කොළඹ 1 ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර තිබේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් මීට හේතුවයි.

Related posts

දන්සැල් සංවිධානය හෝ වියළි ආහාර බෙදා දීමට කිසිදු අනුමැතියක් නැහැ

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය වසාදමයි…!

Editor O

Leave a Comment