ගොසිප්

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රුධිර සාම්පල කීපයක් රිලවු පැහැරගනී

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිටි පරීක්ෂණගාර නිලධාරියකුට හිරිහැර කල රිලා රංචුවක් එම සාම්පල සහිත කට්ටල කිහිපයක් රැගෙන පලාගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ආසාදිතයන් තිදෙනෙකුගේ සාම්පල රිලා රංචුව රැගෙන ගොස් ඇති අතර ,එක් රිලවෙකු එම සාම්පලයක් රැගෙන ගසකට නැග තිබේ.

රිලවුන් මෙම සාම්පල ඒ ආසන්නයේ පිහිටි සෙසු පෙදෙස්වලටද ගෙන යාම හේතුවෙන් වයිරසය ව්‍යාප්ත වීමට අවකාශයක් ඇතැයි ජනතාව තුළ බියක් හටගෙන ඇත.

මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බවද වාර්තා වෙයි.

Related posts

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

Mohamed Dilsad

අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා

Mohamed Dilsad

‘මිස් ටුවරිසම් වර්ල්ඩ් 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි

Mohamed Dilsad

Leave a Comment