දේශීය

මුඛ ආවරණ භාවිත නොකළ 327 දෙනෙකුට නඩු

(UTV | කොළඹ) – අද දිනයේ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 373 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් කළේය.

මුඛ ආවරණ භාවිත නොකළ 327 ක් සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ 46 ක් ඊට ඇතුළත් වෙයි.

එමෙන්ම, කල්තොට පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 28 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන් විම හේතුවෙන් එක් අයෙකුට රුපියල්  7500 බැගින් රුපියල් දෙලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග කළේය.

Related posts

ආනයනික වාහන ගැන තොරතුරු දැන ගන්න ඇප් එකක්

Editor O

මහජන ආරක්ෂක ඇමති, පොලිස් සේවයෙන් නෙරපූ පුද්ගලයෙක්..! – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි

Mohamed Dilsad

Leave a Comment