දේශීය

දුර්ලභ කලු පැහැති කොටියෙක් නල්ලතන්නියේ මන්දකට හසු වෙයි

(UTV | නල්ලතන්නිය) –  ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු දුර්ලභ කලු පැහැති කොටියෙකු මන්දකට හසු වි තිබේ.

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කොවිල අසල වගා භූමියක අටවන ලද මන්දකට කළු කොටියා හසු වි ඇති බව වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.

වනජිවි නිලධාරින් කියා සිටියේ අවුරුදු  8 ක් පමණ වයසැති දිගින් අඩි 6 ක්  සහ උස අඩි 4 ක් පමණ  යුක්ත මන්දට හසු වි ඇති කලු පැහැති කොටියා හොදින් වැඩුණු කොටියෙකු බවයි.

වනජීවි නිර්වින්දන පශුවෛද්‍යවරයාගේ සහය ඇතිව මන්දට හසු වි සිටින කළු කොටියා මුදා ගැනීමට කටයුතු කළ බව නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් පැවසුවේය.

ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1%ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජීවත් වන අතර ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත්, මෙම සත්වයින් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසුවේ.

Related posts

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

අධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයි

Editor O

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment