විදෙස්

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත 3ක් නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලීමක්

(UTV | ඉන්දියාව) – කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් එරට මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්ත තුන මෙසේ නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා ඇත.

කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ඉන්දියාවේ සියලු කටයුතු මාස දෙකකට ආසන්න කාලයක් අකර්මරණය විය.

කෙසේවෙතත් මාස දෙකකට පසු අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කරමින් රට විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සැලසුම් කර ඇත.

ඒ අනුව ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවා හෙට (25) සිට ආරම්භ වීමට නියමිතව තිබූ අතර , දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීම නිසා ඒ සැලැසුම් සියල්ල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇත.

ඉන්දියාවේ ප්‍රධානම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන සහ කාර්යබහුලම ගුවන්තොටුපොළවල් පිහිටා ඇත්තේ ද ඉහත සඳහන්කළ ප්‍රාන්තවලය.

Related posts

කාම්බෝජයේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

උතුරු කොරියාව දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment