විදෙස්

අධිබල ලේසර් ප්‍රහාරක අවියක් ඇමරිකානු නාවික හමුදාව අත්හදා බලයි

(UTV | ඇමරිකාව) – ඇමරිකානු නාවික හමුදාව විසින් ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ගුවනේදීම විනාශ කළ හැකි නව අධිබල ලේසර් ප්‍රහාරක අවියක් සිය යුද නෞකාවක් විසින් සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය 16 වනදා එය පැසිෆික් සාගරයේ දී අත්හදා බැලූ බව ඇමරිකානු නාවික හමුදාව ප්‍රකාශ කළ ද එය සිදුකළ නිශ්චිත ස්ථානයක් හෙළිදරව් කර නොමැත.

එහි පැසිෆික් බලකායට අයත් යූ.එස්.එස්. පෝට්ලන්ට් යුද නෞකාව අත්හදා බැලූ එම අවිය නව ලේසර් තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිපදවනු ලැබූවක්.

මේ අතර වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණ කරන්නේ රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකිරීම පිළිබදව ඇමරිකානු ජනාධිපතිගේ පරිපාලනය සාකච්ඡා කර ඇති බවයි.

Related posts

කොරෝනා හේතුවෙන් ඉතාලියේ පළාත් කිහිපයක් වැසේ

Mohamed Dilsad

වික්ටෝරියා ප්‍රාන්තය දින 5 කට වැසෙයි

Mohamed Dilsad

IS සංවිධානයට සම්බන්ධ එකසිය පනහකට වැඩි පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment