විදෙස්

පකිස්තානයේ මගීන් රැගත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටෙයි [VIDEO]

(UTV | පකිස්තානය) – පකිස්තානයේ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි නුවර ආසන්නයේදී කඩා වැටී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලහෝර් නුවර සිට කරච්චී දක්වා ගමන් කළ මගී ප්‍රවාහන ගුවන් යානයක් මෙසේ කඩා වැටී ඇති බවයි.

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට A320 වර්ගයේ මෙම යානය කඩා වැටී තිබේ.

එමෙන්ම යානයේ ගමන් කළ පිරිස සම්බන්ධයෙන් සහ අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ, මගීන් 90 කට වැඩි පිරිසක් හා කාර්ය මණ්ඩලය ද ඇතුලුව 100 වඩා වැඩි පිරිසක් ගමන් කර ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ ද එහි සිටි පිරිස පිළිබඳ මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැත.

එරට රූපවාහිනී ආයතනයක් විසින් පෙන්වා ඇති රූප රාමු වලට අනුව ජනාකීර්ණ ප්‍රදේශයකට මෙම ගුවන් යානය වැටී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ජපානයේ ශුරි මාලිගාවේ ගින්නක්

Mohamed Dilsad

මෙක්සිකෝ නගරාධිපතිවරකුට සිදුවූ අකරතැබ්බිය [VIDEO]

Mohamed Dilsad

වයස්ගතම ජනපති රෝහලේ

Mohamed Dilsad

Leave a Comment