දේශීය

රාජිතගේ ප්‍රතිශෝදන පෙත්සම සලකා බැලීම මේ මස 29 වනදා

(UTV | කොළඹ) –  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව  ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම මේ මස 29 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.  

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ අභියාචනා පෙත්සම අද(19) අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු තහවුරු කළේය.

ඒ අනුව මෙම පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Related posts

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

චීනයේ කොවිඩ් එන්නත අද දිවයිනට

Mohamed Dilsad

හිජාබය මඟහරින කාන්තාවන් සොයන ඉරාන රජය

Mohamed Dilsad

Leave a Comment