දේශීය

කොවිඩ් -19 අරමුදලේ ශේෂය මිලියන 902 ඉක්මවයි

(UTV| කොවිඩ් 19) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග මෙම අරමුදලේ ශේෂ්‍ය බහළ ගොස් ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙන අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලිහු ගිණුමට දායක වී සිටියි.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර , චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැක.

දුරකථන අංක 011 – 2354479 , 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

Related posts

ඇඳිරි නීතිය අතරතුර අත්‍යාවශ්‍ය සේවා සඳහා ඇඳිරිනීති බලපත්‍රයක්

Mohamed Dilsad

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

Editor O

ආණ්ඩුවට විරුද්ධ වන අය, ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

Editor O

Leave a Comment