දේශීය

කොරෝනාවට එරෙහිව සටන් කරන වැඩකරන ජනතාවට අගමැති උත්තමාචාරය

(UTV | කොළඹ ) – ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිඩුයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙවර කම්කරු දිනයේදී කොරෝනා වසංගතයට එරෙහිව සටනක නිරත වන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරීන් ඇතුලු සියලු කේෂත්‍රවල වැඩකරන ජනතාවට උත්තමාචාරය පිරිනැමිය යුතු බව පවසයි.

මෙවර කම්කරු ජනතාවගේ ශක්තිය මෙන්ම එකමුතුකම, පෙළපාලී සහ රැස්වීම්වලින් තොරව ප්‍රදර්ශනය කළ හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කොරෝනා දුරලීමට සටන් වදින පුද්ගලයින්ට වැඩ කරන ජනතාව සහාය දිය යුතු ය.

මෙතෙක් ලොව පිළිගත් විවෘත ආර්ථිකය කොරෝනා වසංගතයේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති බවත් ලංකාවේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතු බවට වන පාඩමක් කියා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 965 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment