දේශීය

අද ලෝක කම්කරු දිනයයි

(UTV | කොළඹ ) – අද (01) ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනයයි.

1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි.

ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරෙයි.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් හේතුවෙන් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි අවලංගු කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබේ.

Related posts

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

පාසල් දරුවන් සඳහා ලබාදෙන ආහාරවේල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

Editor O

Leave a Comment