දේශීය

මෙරට රෝගීන් 478 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

(UTV | කෝවිඩ් -19) – මෙරට රෝගීන් 478 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් 19 වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබෙන අතර එම සංඛ්‍යාව 155ක් බව සඳහන්.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 63දෙනෙක්, ගම්පහ දිස්ත්රියක්කයෙන් 47 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

තවද කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක්, යාපනය දිස්ත්රිනක්කයෙන් 16 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක්, කෑගල්ල දිස්ත්ත්‍රිකයෙන් 08 දෙනෙක්, රත්නපුර දිස්ත්රිරක්කයෙන් 07 දෙනෙක්, මොණරාගල දිස්ත්‍රිකක්කයෙන් 04 දෙනෙක් සහ හම්බන්තොට දිස්ත්රිකක්කයෙන් තිදෙනෙකු  ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මීට අමතරව මාතර, කල්මුණේ, බදුල්ල, වව්නියාව, ගාල්ල, මඩකලපුව, මාතලේ සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් ද ආසාදිතයින් වාර්තා වී ඇත.

 

Related posts

ගුණපාල රත්නසේකර රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ හේතුව මෙන්න

Mohamed Dilsad

ලංකාවට අත දෙනවා – බයින්ඩන් කියයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 169කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment