දේශීයව්‍යාපාරික

සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පරිසර හිතකාමී කසල බදුන් 40 ක්

(UTV | කොවිඩ් 19) –  පරිසර හිතකාමී කසල බදුන් 40 ක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම අද (24) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

මධ්‍යම පරිසර අධිකාරියේ ද අනුමැතිය ලත් සායනික අපද්‍රව්‍ය බැහැර කරන මෙම කසල බදුන් තොගය , එංගලන්ත මව් සමාගමක ශ්‍රී ලංකාවේ ආයතනයක් විසින් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

එහි ප්‍රධාන අලෙවි කළමණාකරු ධම්මික බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරිත්‍යාගය ලබාදුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් එම ප්‍රදානය අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ COVID-19 ප්‍රතිකාර සේවාවන් වලදී සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා භාවිතා කිරීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා වෙත ලබාදීමට කටයුතු කළාය.

මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කරන පරිසර හිතකාමී කසල බදුන්වල ඇති විශේෂත්වය නම් මෙය කාඩ්බෝඩ් වලින් නිමවා ඇති බැවින් පරිසර හිතකාමී වේ.

Related posts

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

Mohamed Dilsad

නුවරඑළියේ වතු නිවාස 20ක් ගිනිගනී

Mohamed Dilsad

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

Leave a Comment