දේශීය

ඉන්දීය හමුදාවන්ගේ පැමිණීම පිළිබඳ නිල දැනුම්දීමක් නෑ [UPDATE]

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකා යුධ හමුදාව පවසන්නේ කොරෝනා වෛරසය මැඩලීමේ කාර්යයන් සඳහා ඉන්දීය හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පිටත් කර එවීමේ සූදානමක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

හමුදාපතිවරයාට හෝ යුධ හමුදාවට මෙතෙක් කිසිදු නිල තහවුරු කිරීමක් ලැබී නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

………………………………………………………………………………………………………………………

කොරෝනා මැඩලීමමේ සහායට ඉන්දීය යුධ හමුදා කණ්ඩායමක් මෙරටට

(UTV | කෝවිඩ්-19) – ඉන්දියාව විසින් කොරෝනා වෛරසය මැඩලීමේ කාර්යන් සඳහා ශ්‍රී ලංකාවටද සිය හමුදා කණ්ඩායමක් පිටත් කර එවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය , භූතානය සහ ඇෆ්ඝනිස්ථානයටද කණ්ඩායම් යොමු කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇති අතර පසුගිය සතියේදි ඉන්දියාව විසින් 14 දෙනෙකුගෙන් සමන්විත සිය හමුදා කණ්ඩායමක් මාලදිවයිනට පිටත් කර හරිනු ලැබීය.

ඔවුන්ට පැවරී ඇති ප්‍රධාන කාර්යය වන්නේ රසායානාගාර කටයුතුවලට සහයවීම සහ දේශීය වෛද්‍යවරුන්ට සහයවීමයි.

ඉන්දියාව විසින් පසුගියදා අවස්ථා 2 කදී ශ්‍රී ලංකාවට ඖෂධ සහ වෛද්‍ය උපකරණද එවා තිබුණු අතර අසීරු අවස්ථාවලදි මිතුරු රටවලට සහය පළකිරීමේ එක් අධියරක් ලෙසට මෙය ක්‍රියාත්මක වේ.

Related posts

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

Mohamed Dilsad

තැපැල් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරඹීමට සූදානමෙන්

Editor O

20 ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ – රිෂාඩ් බදියුදීන්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment